Soil News

Proud to Support ISAE 2026 as Gold Sponsor | From Healthy Soils to Healthy People

Proud to Support ISAE 2026 as Gold Sponsor

රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සංවිධානය කරනු ලබන, කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ (ISAE – 2026) ප්‍රධාන Gold Sponsor (රන් අනුග්‍රාහකයා) ලෙස සම්බන්ධ වීමට ලැබීම Biogenic Soil Sense අප ආයතනයට මහත් ගෞරවයක් සහ සතුටක්!

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය – ISAE 2026, කොළඹ Cinnamon Grand Hotel හිදී සාර්ථකව පැවැත්විණි.

“Data-Driven Green Agriculture Transitions: From Healthy Soils to Healthy People” යන තේමාව යටතේ පැවැති මෙවර සම්මන්ත්‍රණය සඳහා Biogenic Soil Sense (Pvt) Ltd Gold Sponsor ලෙස දායක වීමට ලැබීම අපට මහත් ගෞරවයක් සහ සතුටක් විය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය, විද්‍යාව, තාක්ෂණය, ප්‍රතිපත්ති, කර්මාන්තය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය එකම වේදිකාවකට ගෙන ආ වැදගත් අවස්ථාවක් විය.

මෙහි විශේෂ අවස්ථාවක් ලෙස, Biogenic Soil Sense හි නෙදර්ලන්ත තාක්ෂණික සහකරු වන AgroCares හි Soil & Sensor Specialist, Dr. Matteo Poggio මහතා,

“More Food, Fewer Resources – What Sensors Are Teaching Us”

යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීය.

පාංශු සෞඛ්‍යය, සංවේදක තාක්ෂණය, දත්ත මත පදනම් වූ කෘෂිකර්මාන්තය සහ සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම පිළිබඳ ඔහුගේ දැනුම මෙම ජාත්‍යන්තර වේදිකාව සමඟ බෙදාගැනීම අපට විශේෂයෙන්ම සතුටට කරුණකි.

Rapid Soil Testing, Soil & Nutrient Intelligence සහ Precision Nutrient Management තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් විද්‍යාත්මක සහ දත්ත මත පදනම් වූ දිශාවකට ගෙන යාම අපගේ අරමුණයි.

ISAE 2026 සඳහා Gold Sponsor ලෙස දායක වීමට අපට අවස්ථාව ලබාදීම පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට සහ සංවිධායක කමිටුවට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.

Proud to Support ISAE 2026 as Gold Sponsor | From Healthy Soils to Healthy People

It was a great honour and privilege for Biogenic Soil Sense (Pvt) Ltd to participate as the Gold Sponsor of the International Symposium on Agriculture and Environment – ISAE 2026, organized by the Faculty of Agriculture, University of Ruhuna, at Cinnamon Grand Colombo.

Held under the theme,

“Data-Driven Green Agriculture Transitions: From Healthy Soils to Healthy People,”

ISAE 2026 brought together leading scientists, policymakers, academics, industry representatives, students and other stakeholders to discuss the future of agriculture and environmental sustainability.

The symposium was held under the leadership of Minister of Science and Technology Prof. Krishantha Abeysena, with the participation of Minister of Agriculture, Livestock and Irrigation K. D. Lalkantha, alongside distinguished national and international guests.

A particularly proud moment for Biogenic Soil Sense was having our technology partner, Dr. Matteo Poggio, Soil & Sensor Specialist from AgroCares, Netherlands, deliver the keynote address:

“More Food, Fewer Resources – What Sensors Are Teaching Us”

His keynote highlighted the growing importance of sensor technologies and data-driven approaches in improving agricultural productivity while using resources more efficiently.

For Biogenic Soil Sense, supporting ISAE 2026 goes beyond sponsorship. It reflects our commitment to connecting science, technology, academia, industry and farmers to advance soil health and smarter nutrient management in Sri Lanka.

Through rapid soil testing, soil and nutrient intelligence, GPS-linked data and precision nutrient advisory, we continue working towards making scientific soil information more accessible and practically useful at field level.

Our sincere appreciation to the Faculty of Agriculture, University of Ruhuna and the ISAE 2026 Organizing Committee for creating this important international platform and for giving Biogenic Soil Sense the opportunity to contribute as Gold Sponsor.

🌱 Healthy soils are where sustainable agriculture begins.

#BiogenicSoilSense #ISAE2026 #UniversityOfRuhuna #AgroCares #RapidSoilTesting #NutrientAdvisory #SoilIntelligence #PrecisionAgriculture #SustainableAgriculture #SriLankaAgriculture

Proud to Support ISAE 2026 as Gold Sponsor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =