Blog
Biogenic Soil Sense at the Annual General Meeting of the Sri Lanka Coconut Growers’ Association
Biogenic Soil Sense at the Annual General Meeting of the Sri Lanka Coconut Growers’ Association 🌴
Biogenic Soil Sense was honoured to participate in the Annual General Meeting of the Sri Lanka Coconut Growers’ Association, held on 25 July 2026 at the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI), Colombo.
During the event, we had the opportunity to introduce our GPS-tagged rapid soil testing and nutrient advisory technology to coconut growers, plantation owners, researchers, and industry stakeholders from across Sri Lanka.
One of the highlights of the event was reconnecting with many of our existing customers, who shared their positive experiences with our services. It was encouraging to hear firsthand how rapid, field-based soil analysis and crop-specific nutrient recommendations are helping farmers make better fertilizer decisions.
We also had valuable discussions with growers, researchers, and industry leaders, opening doors for future collaborations to promote sustainable and data-driven coconut cultivation in Sri Lanka.
We sincerely thank the Sri Lanka Coconut Growers’ Association for organizing this successful event and everyone who visited the Biogenic Soil Sense display.
Together, we are building a smarter future for Sri Lankan agriculture—one soil test at a time.
ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී Biogenic Soil Sense 🌴
2026 ජූලි 25 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය (HARTI), කොළඹ හි පැවති ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට Biogenic Soil Sense සහභාගී විය.
මෙහිදී අපගේ GPS Tagged වේගවත් පාංශු පරීක්ෂණ හා පෝෂක උපදේශන තාක්ෂණය පොල් වගාකරුවන්, වතු හිමියන්, පර්යේෂකයන් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයන් වෙත හඳුන්වාදීමට අපට අවස්ථාව ලැබුණි.
අපගේ සේවාව ලබාගත් ගොවීන් සහ වතු හිමියන් රැසක් නැවත හමුවීමටත්, ඔවුන්ගේ අත්දැකීම් සහ ප්‍රතිචාර සෘජුවම අසා ගැනීමටත් මෙම අවස්ථාව ඉතා වටිනා එකක් විය.
එමෙන්ම නව හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ පොල් වගාව සඳහා දත්ත මත පදනම් වූ නවීන පාංශු කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත් හැකි විය.
මෙම අවස්ථාව සංවිධානය කළ ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයට සහ අපගේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි සියලුම අමුත්තන්ට ස්තූතියි.
පසේ ගුණාත්මක තත්ත්වය දැනගන්න. නිවැරදි තීරණ ගෙන වගා කරමු.
📍 HARTI, Colombo
📅 25 July 2026

